පාප් වහන්සේට ඉතාලියෙත් මඩ ප්‍රහාරයක්


ෆැන්සිස් පාප්තුමා ආජන්ටිනාවේ ගෝනෝස්අයර්ස්හි අගරදගුරු වහයෙන් සිටියදී 1976 දී පූජකවරුන් දෙදෙනකු පැහැර ගැනීමට ආජන්ටිනාවේ මිනීමරු මිලිටරි ජුන්ටාව සමග හවුල් වී සිටි බවට ආජන්ටිනාවේ මානව හිමිකම් පිළිබඳ නීතීඥයෙක් පැමිණිල්ලක් කර ඇත. නව පාප්තුමන් පත්වූ සැණින්ම මේ චෝදනා ඉතාලි පුවත්පත් කිහිපයක අද පළවිය.

එය පරණ චරිත ඝාතනයකියි පාප්තුමාගේ ප්‍රකාශකයෙක් කියයි.

ආජන්ටිනාවේ දේශාපන සිරකරුවන් සොයා ගැනීමට 1976-83 ඒකාධිපති පාලන සමයේ නව පාප්තුමා මානව හිමිකම් කණ්ඩායම් වලට බාධා කළ බවත්, එදා රජය මිනිසුන් සිය දහස් ගණන් මරද්දී ඒකාධිපති රජයට එරෙහිව කතෝලික පල්ලි අපොහොසත් වූ බවත් තවත් චෝදනාවෙකි.