පාප් වහන්සේ මැනිලා නුවර


ශ්‍රී ලංකා සංචාරයෙන් පසු ශූද්ධෝත්තම පළමු ෆ‍්‍රැන්සිස් පාප්තුමමෝ ඊයේ (15) පිලිපීනයේ මැනිලා අගනුවරට සැපත් වූහ.

පාප්තුමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසියෙත් හමුදාවේත් 50,000 ක බළඇණියක් යෙදවීමය පිලිපීන රජය කටයුතු කර තිබුණි.

ෆ‍්‍රැන්සිස් පාප්තුමෝ පිලිපීනයේ දින පහක් රැඳී සිටිනු ඇත. එතුමන්ට ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම්වලින් මරණ තර්ජන එල්ල වී ඇතැයි ද වාර්තා වේ. මීට පෙර පාප්වරුන් දෙදෙනකු පිලිපීනයට පැමිණ ඇත.

ඉතාලියේ  අල්තාලියා ගුවන් තොටින් ශ්‍රී ලංකාවට පැමිණි  පාප්තුමා යළි  පිලිපිනයේ  මැනිලා  නුවරට ගියේ  ශ්‍රී ලංකා ගුවන් යානයකිනි.

368008-01-02 368009-01-02 368085-01-02