අපවත්වී වදාළ උඩුගම බුද්ධරක්ඛිත සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන්ගේ ශ්‍රී දේහය අද (12) පස්වරු එකට ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ විශේෂ ආගමික වතාවත්වලින් පසු ස්වාමීන්වහන්සේලාගේ කර මතින් රන්සිවිගේ සහිත විශේෂ රියකට වැඩමවා තැන්පත් කැරිණි.
එම රිය සහිත අවමංගල්‍ය පෙරහර මහ නුවර නගරයේ සියලු වීදි වටා ගමන් ගත්තේය. ප්‍රදේශවාසීහු ද, විදේශිකයෝ ද මඟ දෙපස සිට ශ්‍රී දේහයට උපහාර දැක්වූහ.
දළදා මාලිගාව අසල මද වේලාවක් රන්සිවි ගෙය සහිත රිය නතර කැර තිබූ අතර අවට සිටියෝ පිච්චමල් ඉස මහානාහිමිට අවසන් ගෞරව පුද කළහ.
පස්වරු 03ට පමණ දේහය රැගෙන් අවමංගල පෙරහර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගනයට ළඟා විය.
බෞද්ධ, කිතුනු, ස්ලාම්, හින්දු ආගමික නායකයෝ ද, මෛත්‍රීපාල සිරිසේන ජනපති, රනිල් වික්‍රමසිංහ අගමැති ඇතුළු දේශපාලන නායකයෝ රැසක් ද අවමංගල උත්සවයට සහභාගී වී සිටිති.
පාප් වහන්සේ ද වතිකානයේ සිට විශේෂ ශෝක පණිවුඩයක් එවූහ.

















