ශී‍්‍ර ලංකාවේ පාපන්දු සංවර්ධනයට සුනාමි ආධාර යටතේ පිරිනැමුණු රුපියල් කෝටි 48කට ආසන්න මුදලක් වැයකර තිබෙන ආකාරය පිළිබඳව විශේෂ පරීක්ෂණක් ආරම්භ කර තිබේ. එහි අරමුණ මෙම වියදම්වල විනිවිදභාවය සොයා බැලීමයි.
පාපන්දු නිවසේදී පෙරේදා (27 වැනිදා) පැවැති විශෙෂ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතා පවසා සිටියේ මෙම පරීක්ෂණය පැවැත්වීම පාපන්දු සම්මේලනයේ විධායක සභාවේ කීපදෙනෙකුගේ නොසතුටට හේතුවුවත් අවසානයේදී ඊට විධායක සභාවේ අනුමැතිය ලැබුණු බවයි.
පාපන්දු නිවසේදී පැවති මෙම විශේෂ මාධ්‍ය හමුවට රුද්‍රිගු මහතාගේ ඉල්ලිමක් පරිදි පොලිස් ආරක්ෂාව ද යොදවා තිබුණි.
මෙම පරීක්ෂණය පැවැත්වීමට තීරණය කිරීමත් සමග රුද්‍රිගු මහතා මතු ආරක්ෂාව සඳහා රහස් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇතිබව ද වාර්තාවේ.
ඒ ගැන මාධ්‍ය හමුවේදී ඔහු පැවසුවේ බලපැම් එල්ලවීමේ අවධානමක් තිබූ බැවින් තමා මෙම පියවර ගත්බවය.
රුද්‍රිගු මහතාගේ පැමිණිල්ලට අනුව ඔහුට ඉදිරියේදී අවශ්‍ය වුවහොත් ආරක්ෂාව ලබාදීමට අපරාධ විමර්ෂණ ඒකකය අධ්‍යක්ෂ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ගාමිණී මතුරට මහතා එකගවී ඇතැයි ද දැනගන්නට ඇත.
මෙම විමර්ෂණ කටයුතු කෙළින්ම රහස් පොලීසියට පැවරීමට හැකියාව තිබියදී පරීක්ෂණ මණ්ඩලයක් මගින් එය කිරීමට කටයුතු කළේ ඇයිදැයි මාධ්‍යවේදීන් කළ විමසුමකදී පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා පැවසුවේ වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව කටයුතු කිරීමේ අරමුණින් තමා එවැනි පියවරක් ගත් බවය.
විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව ඉදිරි මාස තුනක කාලයක් තුළදී ලබාගැනීමට පාපන්දු සභාපතිවරයා අපේක්ෂා කරයි.
විශේෂ පරීක්ෂණ කමිටුවේ සභාපතිවරයා වන්නේ පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාය. බි‍්‍රගේඩියර් එම්. ඞී. ඩබ්ලිව්. කාරියවසම්, රියර් අද්මිරාල් ආනන්ද පීරිස්, ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි පද්මසිරි මුණසිංහ, විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති කේ. පී. පී. පතිරණ, බි‍්‍රගේඩියර් පි‍්‍රයන්ත සමරතුංග සහ පාපන්දු සම්මේලනයේ ලේකම් උපාලි හේවගේ යන මහත්වරු මණඩලයේ සෙසු සාමාජිකයෝ වෙති.
බි‍්‍රගේඩියර් පි‍්‍රයන්ත සමරතුංග මහතා මෙම පරීක්ෂණයේදී කී‍්‍රඩා ඇමතිවරයාගේ අධීක්ෂණ නිලධාරියා ලෙස ද කටයුතු කරයි. පරීක්ෂණ පවත්වන අවස්ථාවේදී ඒ සඳහා වරලත් ඉංජිනේරුවරයෙකු, වරලත් තක්සේරුකරුවෙකු, ගොඩනැගිලි ඉදිකිරීමේ විශේෂඥයන්ගේ සහ නිර්මාණකරුවන්ගේ සහයෝගය ලබාගැනීමටත් පරීක්ෂණ මණ්ඩලයට බලය පවරා තිබේ.
මේ අතර අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ ශී‍්‍ර ලංකාවට සුනාමි පාපන්දු සංවර්ධන ආධාර මුදල් ලබාගත් අවස්ථා කීපයකදී පාපන්දු සම්මේලනයේ ප‍්‍රධාන ලේකම්වරයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදාගැනීමට පාපන්දු සම්මේලනයේ ඉහළ පෙළේ නිලධාරියෙකු කටයුතු කර ඇතැයිද චෝදනා එල්ල වී තිබේ. මෙම පරීක්ෂණයේදී ඒ ගැනද අවධානය යොමුකර සිටින බව රංජිත් රුද්‍රිගු මහතා මාධ්‍ය හමුවේදී පැවසීය.
පාපන්දු සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස පත්වූ රංජිත් රුද්‍රිගු මහතා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි අන්තර්ජාතික පාපන්දු සම්මේලන මූලස්ථානයේදී එහි සභාපති ජෝශප් බ්ලැටර් මහතා නොබෝදා මුණ ගැසුණි. ඉහත සඳහන් විශේෂ පරීක්ෂණයට පාදක වී ඇත්තේ ඔවුන්ගේ හමුවීම වුවත් අන්තර්ජාතික පාපන්දු සම්මේලනය ශී‍්‍ර ලංකාවට දුන් ආධාර පිළිබඳව බ්ලැටර් මහතා කිසිඳු අදහසක් නොදැක්වූ බව රුද්‍රිගු මහතා පවසයි.
‘‘සුනාමි ආධාර ගැන කතාවෙන් අප අතර ඇතිවුණේ යාපනය හා ගම්පහ පාපන්දු කී‍්‍රඩාංගණවල නව ඉදිකිරීම් සඳහා කර තිබෙන වැයකිරීම් පිළිබඳව මට ඇතිවූ ගැටළු කීපයක් සම්බන්ධයෙන් මා ලෝක පාපන්දු සමුළුවේ බලධාරින්ගෙන් කරුණු විමසා සිටි නිසාය’’
”ඊට පස්සේ ශී‍්‍ර ලංකාවට ඔවුන් ලබාදුන් සියලූ සුනාමි පාපන්දු සංවර්ධන අරමුදල් ගැන මට විස්තර දුන්නා. ඒවා පරීක්ෂා කර බැලීමේදී අඩුපාඩු රැසක් මට පෙනුනා” යයි ද රංජිත් රුද්‍රිගු මහතා පැවසීය.
සුනාමි ව්‍යාපෘති අන්තර්ජාතික පාපන්දු සම්මේලනය හා ඔවුන්ගේ ඉදිකිරීම් (කොන්ත‍්‍රාත්) ආයතන එක්ව කළ කටයුතු බවත් ඒවාට ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනය සම්බන්ධ නොවූ බවත් එහි සමහර නිලධාරීන් තමන්ට පැවසූ බවද රුද්‍රිගු මහතා ප‍්‍රකාශ කළේය.
‘‘කරුණු සොයාබැලීමේදී ඒවා බොරුබව මට අවබෝධවුණා. බැද්දගාන පාපන්දු සංවර්ධන මධ්‍යස්ථානයට මේ වෙනකොට රුපියල් ලක්ෂ 1222ක් වියදම්කර තිබෙන බව දක්වා තිබෙනවා. නමුත් එහි කී‍්‍රඩාංගණය පුහුණුවීම් වලටවත් තවම සුදුසු මට්ටමක නෑ. කී‍්‍රඩකයෙකුට හරියට පන්දුවක් පිරිනමන්නවත් එය සුදුසු මට්ටමක නෑ.” එතකොට මේ වියදම් ඇත්තටම වෙලා තිබෙනවද කියන එකයි අපි මෙම පරීක්ෂණයේදී සොයාබලන්නේ’’ රංජිත් රුද්‍රිගු මහතා ලංකාදීපයට පැවසීය.