පාපන්දු සම්මෙලනයේ විධායක නිලධාරී ඉල්ලා අස්වෙයි


ශි‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයේ වසර 12ක් පුරා විධායක නිළධාරී ලෙස කටයුතු කළ කි‍්‍රෂාන්ත පෙරේරා මහතා මෙම ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (9) පාපන්දු සම්මේලනයට භාර දුන් බව වාර්තා වේ.

පාපන්දු සම්මේලනයේ ඉහලම වැටුප ලැබූ මෙම තනතුරේ කටයුතු කළ පෙරේරා මහතා ලබන මැයි 7 වන දා සිට කි‍්‍රයාත්මක වන පරිදි මෙම ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කර ඇතැයි පාපන්දු සම්මේලනයේ ආරංචි මාර්ග සදහන් කරයි.

පාපන්දු විධායක ධූරයේ කටයුතු සම්බන්ධයෙන් පසුගිය කාලයේ වැඩි කථා බහට ලක් විය. මේ අතර පෙරේදා (8) පාපන්දු සම්මේලනයේ විධායක කමිටුවේ නිළධාරීන් පිරිසක් කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතා මුන ගැසී සාකච්ඡවක් පැවැත්වූ බවත් මෙයින් අනතුරුව පෙරේරා මහතා විධායක ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් මෙම ආරංචි මාර්ග වැඩි දුරටත් හෙළි කරයි.

පෙරේදා පැවති මෙම සාකච්ඡවේදී පාපාන්දු සම්මේලනයේ විධායක ධූරය සම්බන්ධයෙන් කී‍්‍රඩා ඇමතිවරයා යලිත් දැඩි ලෙස අදහස් දැක්වූ බවද වාර්තාවේ.

කී‍්‍රඩා ඇමතිවරයා පාපන්දු සම්මේලනය සම්බන්ධයෙන් මෑතකදී ගත් කි‍්‍රයා මාර්ග කිහිපයකට මෙම කලමනාකාර මණ්ඩලය අහෝසිකල අතර වැටුප් ලබන නිළධාරීන් අවම කරන ලෙසද මෙම නිළධාරීන්ට දිගින් දිගටම උපදෙස් දෙනු ලැබීය.

කි‍්‍රෂාන්ත පෙරේරා මහතාගේ ඉල්ලා අස්වීම ගැන ලංකාදීපය කළ විමසුමකදී පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගූ මහතා පැවසූවේ මෙතැන් සිට සම්මේලනයේ විධායක නිළධාරී ධූරය අහෝසි කිරීමට තිරණය කළ බවයි.  මේ අනුව වසර 2001 සිට නාම මාති‍්‍රක තනතුරක් බවට පත්ව තිබූ සම්මේලනයේ ප‍්‍රධාන ලේඛම් ධූරය යලිත් බලාත්මක කරමින් මෙම ධූරයට සියඵ බලතල යලිත් ලබා දෙන බවත් සභාපතිවරයා පැවසීය.

ප‍්‍රධාන විධායක ධූරය හමුවේ පාපන්දු සම්මේලනයේ ප‍්‍රධාන ලේඛම් ධූරයේ බලතල සීමා වීමෙන් මෙම ධූරයේ තත්වය සැහැල්ලූ වී තිබූ බවද ඔහු පැවසීය.

ඉල්ලා අස්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් කි‍්‍රෂාන්ත පෙරේරා මහතාගෙන් ලංකාදීපය ඊයේ කළ කරුණු විමසීමට ගත් උත්සහය සාර්ථක නොවීය.