පාපන්දු නිලධාරියා විධායක සභාවෙන් නෙරපයි


ළමා අපචාර සම්බන්ධයෙන් චෝදනා ලබා ඇතැයි කියන සිද්ධියක් නිසා ශ්‍රී ලංකා පාපන්දු  සම්මේලනයේ විධායක කමිටු සභිකයකු එම කමිටුවෙන් නෙරපා හරිනු ලැබ ඇත.

කළුතර පාපන්දු ලීගයේ ප‍්‍රධාන පෙළේ නිලයක් දරන මෙම තැනැත්තාට එල්ලවී තිබෙන අපචාර චෝදනාව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ලැබෙන තුරු ඔහු පාපන්දු සම්මේලනයේ විධායක සභිත ධුරයෙන් තාවකාලිකව ඉවත් කිරීමට තීරණය කළ බව ලංකාදීපය කළ විමසුමකදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත්  රුද්‍රිගු මහතා පැවසීය.

සභාපතිවරයාද  ඇතුළුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විධායක සභික ධුර ගණන 29 කි.  තහනමට ලක්වූ නිලධාරියා වසර ගණනාවක්ම පාපන්දු සම්මේලනයේ විධායක සභාවේ කටයුතු කළ අයෙකි.