සිරංගිකා ලොකුකරවිට
පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කළ බව පාරිභෝගික අධිකාරිය පවසයි.
අද(30) නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනයක මේ බව සඳහන් කර ඇත.
මේ අනුව මිලිලීටර් 350 සිට මිලිලීටර් 499 දක්වා ජල බෝතල් සඳහා රුපියල් 26.00ක් ද මිලිලීටර් 500 සිට මිලිලීටර් 749දක්වා ජල බෝතල් සඳහා රුපියල් 35.00ක් ද ලීටර් එකේ සිට ලීටර් 1.490ක ජල බෝතල් සඳහා රුපියල් 50.00ක උපරිම සිල්ලර මිලක් ද නියම කර තිබේ.