දුෂ්කර ගම්මානයක් වන පානම ශ්‍රාස්ත්‍රවෙල මණිනායග පබ්බත හෙවත් බෝධි ඝර විහාර පිරිවෙණේ සාමණේර හිමිවරුන් වෙසක් පහන් පත්තු කිරීමට යොදා ගත්තේ මැටි පහනක හැටය ගන්නා තෙලඹු ලෙල්ලයි.
කටු මැටි ගසා පොල් අතු එල්ලූ ගව මඩුවක් වැනි පන්ති කාමරයක උගෙන ගන්නා සාමණේර භික්ෂූහු අනේක විධ අඩුපාඩු මැද උගනිති.
කුඩුම්බිගල වන රක්ෂිතයේ අලි ඇත්තු වලස්සු , දිවියෝ , මොනරු, මුවෝ හා ගොන්නු මේ පුද බිමට අමුත්තෝ නොවෙති.