පානම ඉඩම් එහි විසූ මුල් පදිංචිකරුවන් අතර බෙදා දීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය වහාම ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පානම ප‍්‍රදේශයේ ගොවියකු ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය එම පෙත්සමේ ඉඩම් කොමසාරිස්වරයා, පොලිස්පති , ඇතුළු වගඋත්තරකරුවන්ට ඔක්තෝබර් 20 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළේය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ සහ ප‍්‍රීති පද්මන් සූරසේන මහත්වරු හමුවේ පෙත්සම සලකා බැලිණි.
පානම පුංචිරාළ සෝමසිරි මහතා විසින් ගොනු කැරුණු පෙත්සමෙහි වගඋත්තරකරුවන් හැටියට ඉඩම් කොමසාරිස්වරයා, පොලිස්පති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
1998 දී ත‍්‍රස්තවාදී කටයුතු වලින්ද ,2004 සුනාමි ව්‍යසනයෙන් ද ඔවුන්ට විවිධ බාධක සිදුවී ඔවුන් ගොවි බිමි අතහැර ගියත් , යළිත් සිය ජීවන තත්ත්වය නඟා සිටුවීමට සමත්වූහ.
සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් යම් යම් බාධා කිරීම් සිදුවූ අතර පසුව වගඋත්තරකාර බලධාරීන්ගේ අනුදැනුම මත පොලීසිය විසින් ඔවුන් පලවා හැරීමටද උත්සාහ කළ බව පෙත්සම්කරු කියා සිටී.
පානම ඉඩම් එහි මුල් පදිංචිකරුවන් අතර බෙදා දීමටත් අක්කර 25 ක් ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහාත් රජයේ අනුමැතිය ලැබිණි.