පානදුර රාජකීය විද්‍යාලය සහ ශාන්ත ජෝන් විද්‍යාලය අතර පානදුර නගර සභා ක්‍රීඩාංගනයේදී පැවැති 21 වැනි හරිත සටනට සමගාමීව පැවති සීමිත ඕවර තරඟයේදී පොලිස් පහරදීමෙන් ආදි සිසුන් දෙදෙනෙක් තුවාල ලදහ.
එක් සිසුවකුට සැත්කමක් ද සිදු කළ බව රෝහල් ආරංචි කියයි.
ආදිසිසුන් දෙපිරිසක් ඇතර ඇවිලී ගිය බව කියන ගැටුමක් බේරීමට ගිය බව කියන පොලීසිය තමනට පහරදුන් බව ආදි සිසුහු කියති.
එහෙත් පොලීසිය එය ප්‍රතික්ෂේප කරයි.
පානදුර රාජකීය විද්‍යාලයේ ආදිසිසුවෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියි.