(සුමිත් පොතුපිටිය, බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සමන් කාරියවසම්)
පානදුර හොරණ මාර්ගය ප්‍රසිද්ධ ඇඟලුම් කර්මාන්තශාලාවක් ඉදිරිපිට දී පුද්ගලයකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි.
ඝාතනය වූ පුද්ගලයා පානදුර මෝදරවිල සුනාමි නිවාස සංකීර්ණයේ පදිංචිකරුවකු බවට හඳුනාගෙන ඇත
එම පුද්ගලයා ඇඟලුම් කර්මාන්ත ශාලාව ඉදිරිපිට රැඳී සිටියදී කිසියම් පුද්ගලයකු තියුණු අවියකින් හිස ප්‍රදේශය දරුණු පහරවල් කිහිපයක් එල්ල කර ඇතැයි පොලීසිය සඳහන් කරයි
එම ප්‍රහාර මධ්‍යයේ ඇඟලුම් කර්මාන්ත ශාලා භූමියට ඇතුළු වූ පුද්ගලයා පසුපස හඹා හා ඝාතකයා කර්මාන්ත ශාලා භූමිය තුළදී නැවත නැවතත් තියුණු ආයුධ ප්‍රහාරය එල්ල කිරීමේදි බිම වැටී ඇතැයි පොලිසිය කියයි
ඝාතනය සිදුකළ පුද්ගලයා හෝ ඝාතනයට හේතුව මෙතෙක් තොරතුරු අනාවරණය වී නැත

