පානදුරෙන් දෙකෝටියක් කොල්ල කාලා : යතුරුපැදිය රත්නපුරේ


යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු පානදුර පෞද්ගලික මූල්‍ය සමාගමක් කොල්ලකා පලාගොස් ඇතැයි පොලිසිය කියයි.

රන් බඩු හා මුදල්වල වටිනාකම රුපියල් දෙකෝටියක පමණ වන බවත් කොල්ලකරුවන් ඉදිරිපස දොරටුව වසා ගොස් ඇති බවත් කොල්ලය  ආරක්ෂක කැමරාවල සටහන් වී ඇති බවත් කියති.

කොල්ලයට යොදාගෙන ඇත්තේ  රත්නපුර ප්‍රදේශයේ  යතුරුපැදියක් බවද පොලීසිය පවසයි.