පැමිණිල්ලක් කිරීමට පානදුර පොලිසියට පැමිණි බව කියන රියදුරකු පැය පහන් රඳවාගෙන එය ලියා ගැනීමට ප්‍රමාද කළ බව කියන උප පොලිස් පරීක්ෂකවරයකුගේ හා සැරයන්වරයකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
විවිධ පැමිණිලි අංශයේ උප පොලිස් පරීක්ෂ මානෙල්ගේ ගාමිණී හා උප සේවා සැරයන් කරුණාදාස සමරජීව එම දෙදෙනාය.

