පානදුර රාජකීය විදුහල සහ කුරුණෑගල ශාන්ත ආනා විදුහල අතර රත්මලාන ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේදී පැවැති වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘සී’ කාණ්ඩයේ තරගයෙන් රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 48-14 ක ජයක් ලැබීමට සමත් වූහ.
රාජකීය විදුහල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 31-7 ක් ලෙස පෙරමුණේ පසු විය. රාජකීය පිල ගෝල 4 කින් සහ උත්සාහක දිනුම් 4 කින් ලකුණු ලැබීය. ශාන්ත ආනා විදුහලට ගෝල දෙකකින් ලකුණු එකතු විය.
රාජකීය විදුහල් පිල වෙනුවෙන් විශිෂ්ට ලෙස ක‍්‍රීඩා කළ විදුර ලක්‍ෂිත උත්සාහක දිනුම් 4 ක් සම්පූර්ණ කළ අතර රමේෂ් රුක්මාල් උත්සහක දිනුම් 2 ක් ද, පසිදු ප‍්‍රෂාන් සහ ධනංජය සුරේෂ් උත්සාහක දිනුම බැගින් ද රාජකීය විදුහලට එකතු කළහ. රමේෂ් රුක්මාල් සහ ධනංජය සුරේෂ් ගෝල ප‍්‍රවර්ථන දෙක බැගින් සාර්ථක කරගත්හ.