පානදුර රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ 17 න් පහළ අවසන් මහ තරගයට


පානදුර රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ. කොළඹ තර්ස්ටන් විදුහල් ක‍්‍රීඩාංගණයේදී අද (03) පැවැති අවසන් පූර්ව තරගයේදී පානදුර රාජකීය විදුහල් පිල ලකුණු 83 කින් කොළඹ මහානාම විදුහල පරාජය කළේය.

රාජකීය විදුහල සහ කොළඹ ආනන්ද විදුහල අතර අවසන් මහ තරගය මේ මස 8 වැනිදා කොළඹ තර්ස්ටන් විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. 

රාජකීය විදුහල  ඕවර 49.3 කදී සියලූ දෙනා දැවී 171

(දමිඳු අෂාන් 39, මාධව නිමේෂ් 47, පවන් මධුරජිත් 40, ලක්ප‍්‍රිය ධනංජය 20, එස්. කෞෂල්‍ය 28/2, කලන අෂාන් 23/3, ප‍්‍රනීත් සතරසිංහ 13/3)

මහානාම විදුහල  ඕවර 39.2 කදී සියලූ දෙනා දැවී 88

(දුලන්ත සිල්වා 22, අකිල ලක්‍ෂාන් 29/2, කලන චතුරංග 16/3, විමුක්ති මධුෂාන් 14/2)