පානදුර රාජකීය - ශා. ජෝන් විදුහල් එක්දින තරගයත් ගැටුමකින් අවසන්


පානදුර රාජකීය විදුහල සහ පානදුර ශාන්ත ජෝන් විදුහල අතර පානදුර නගර සභා ක‍්‍රීඩාංගණයේදී අද (17) පැවැති 11 වැනි වාර්ෂික සීමිත  ඕවර තරගය අතරතුරදී ඇති නොසන්සුන්කාරි තත්ත්වයක් හේතුවෙන් තරග අතරමග අත්හිටුවීමට සිදුවිය.

තරගය අත්හිටු වන විට ලකුණු 238 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹා යමින් සිටි ශාන්ත ජෝන් විදුහල  ඕවර 40.1 කදී කඩුලූ 5 ක් දැවී ලකුණු 171 ක් ලබා සිටියේය. ඒ අනුව ශාන්ත ජෝන් විදුහල ජයග‍්‍රහණය සඳහා  ඕවර 9.5 කදී තවත් ලකුණු 67 ක් රැස්කළ යුතු තිබුණි.

රාජකීය විදුහල  ඕවර 50 යේදී කඩුලූ 9 ට 237

(දමිඳු හෂාන් 41, මාධව නිමේෂ් 25, යසිත චමෝද් 51, අසිත ප‍්‍රනාන්දු 50, විදුර සපුමල් 31/4, ළහිරු සංජය 43/2)

ශාන්ත ජෝන් විදුහල  ඕවර 40.1 කදී කඩුලූ 5 ට 171

(කවිඳු හෂාන් නොදැවී 58, ළහිරු සංජය නොදැවී 48)