පානදුර මුහුදේ සිසුවෙක් සැඟ වෙයි


(සුමිත් පොතුපිටිය)

පානදුර නල්ලුරුව මුහුදු වෙරලේ අද පස්වරුවේ දියනැමට ගිය සිව්දෙනකු අතරින් පාසල් සිසුවකු දියේ ගිලී අතුරුදන්ව, තිදෙනකු දිවිගලවාගෙන ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි .

මෙසේ අතුරුදන්ව ඇත්තේ පානදුර, මාලමුල්ල ප්‍රදේශයේ පදිංචි හේසාන් සත්සර සුදර්ශණ පීරිස් නැමැති 17 හැව්රිදි සිසුවකු බව පොලිසිය පවසයි .

අතුරුදන් තරුණයා සොයා ප්‍රදේශවාසින් මෙහෙයුම් සිදුකරන බව පොලිසිය කීය.

පානදුර දකුණ පොලිසිය පරීක්ෂා පවත්වති.