පානදුර නගර සභා කී‍්‍රඩාංගණයේ තණතීරුවට කී‍්‍රඩකයෝම දෙහි කපති


පානදුර ක‍්‍රීඩා සමාජය සහ යුද හමුදා පිල අතර තරගය පැවැති පානදුර නගර සභා ක‍්‍රීඩාංගණයේ තණතීරුව තුන්දින තරගයකට කෙසේවත් නුසුදුසු බවත් ටෙස්ට් ක‍්‍රීඩකයන් කැඳවා මෙවැනි තණතීරු ලබාදීම ක‍්‍රීඩකයන්ට කරන අසාධාරණයක් බවත් කී‍්‍රඩකයෝ පවසති.

තණතීරුවේ ස්වභාවය හේතු-වෙන් දඟ පන්දු යවන අජන්ත මෙන්ඩිස්, සීකුගේ ප‍්‍රසන්න සහ ගයාන් සිරිසෝම යැවූ ඇතැම් පන්දු අසාමාන්‍ය ලෙස හැසිරෙන ආකාරයද දැකගත හැකිවිය.

”බොහෝ ක‍්‍රීඩා සමාජ තමන් සත්කාරත්වය දරණ අවස්ථාවේදී සුදුසු තණතිළි ලබාදිය යුතුයි. මෙම තරගවලදී කොළඹ ප‍්‍රධාන ක‍්‍රීඩා සමාජ තම ක‍්‍රීඩකයන්ට ලකුණු අතරට පැමිණෙන්න සමබර තණතිළි ලබාදෙනවා. නමුත් මෙහිදී එය වෙන්නේ නෑ’’ යැයි ප‍්‍රධාන පෙළේ පුහුණුකරුවෙක් පැවසීය.