පානදුර තන්තිරිමුල්ල තිලකා මාවතේ (කලින් පානදුර ෆොන්සේකා පාරේ අංක 58 නිවසේ) පදිංචිව සිටින චලනි සොයිසා (9) දැරියට පසුගිය අගෝස්තු 07 වැනි දා දකුණු ඉන්දියාවේ චෙන්නයි නුවර මියොට් රෝහලේ සිදුකළ දෙවනි සැත්කමෙන් පසු හදවත ඇතුළු අවයව පිරික්සීමේ පශ්චාත් පරීක්ෂණය ලබන දෙසැම්බර් දෙවැනි සතියට නියමිතව ඇති බව සැත්කම සිදුකළ විශේෂඥ වෛද්‍ය කේ ශිවකුමාර් දන්වා ඇත.
මෙම සමාලෝචන පරීක්ෂණයට ඇය සමග ඇගේ පියා වන ප්‍රදීප් නාලක සොයිසා හැන්නදිගේ මහතා සහ මව ගමගේ ශීරන්ති හර්ෂණි දැරිය සමග චෙන්නායි නුවරට යාමට සිදුවී ඇත.කොළඹ සමාගමක සුළු සේවකයකු වන නාලක සොයිසා කියනුයේ මුල් සැත්කම් දෙකට හිතවතුන්ගෙන් හා පරිත්‍යාගශීලින්ගෙන් ලැබුණ සහායෙන් තම දරුවා ජීවතුන් අතර සිටින බවයි.
හදවතට අමතරව ඇගේ දකුණු පාදයේ මිලිමීටර් 18.5කින් කෙටි වීම ගැන දොස්තර ශිවකුමාර්ගෙන් උපදෙස් ගත යුතු බවද නාලක සොයිසා කියයි.දෙසතියක් පමණ තමාටත් දරුවාටත් රැකියාවක් නැති බිරියටත් චෙන්නායි නුවර ගතකිරීමට සිදුවන හෙයින් පරිත්‍යාගශිලීන්ගේ සහය පතන බව ඔහු කියයි.
නවාතැන් ආදිය නොමැතිව රෝහලට පමණක් ඉන්දියා රුපියල් එක් ලක්ෂ හතළිස් දහසක (ශ්‍රී ලංකා රුපියල් තුන් ලක්ෂ නව දහසක්) පමණ වැය වනු ඇතැයි ද රෝහලට අය කරන මුදල කෙතෙක්දැයි දෙසැම්බර් මුල සතියේදී දන්වන බව රෝහල දැරියගේ පියාට දුරකථනයෙන් දන්වා ඇත.
ලංකා බැංකුවේ පානදුර ශෘඛාවේ එච්.පී නාලක සොයිසා නමින් ඇති 8124458 බැංකු ගිණුමට හෝ සම්පත් බැංකුවේ පානදුර ශාඛාවේ 102657129083 ගිණුමට අධාර යොමුකරන ලෙස ඔහු ආයාචනා කරයි.ඔහුගේ දුරකථන අංකය 071-4758595.