පානදුර දකුණ එච්.කිව්.අයිගේ වැඩ තහනම්


පානදුර දකුණ පොලිසියේ ගිනි අවි තුනක් නැතිවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මූලස්ථාන පොලිස් පරීක්ෂක එච් ඒ ජේ සමරසිංහ මහතාගේ වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය කියයි.

2015 වසරේ මෙම පිස්තෝල තුන අතුරුදන්වී ඇති බවටත්, මීට මාස හතරකට පෙර එක් ගිනි අවියක් පාතාල සාමාජිකයකු ළඟ තිබී සොයා ගෙන ඇති බවත්, ගිනි අවි නැතිවී ඇති බව දන්නේ ඒ අනුව බවත් පොලිසිය පවසයි.