එංගලන්තයට යෑම සඳහා රුපියල් ලක්ෂ 45ක වත්කම් ඇති බවට බැංකු සහතිකයක් දෙන බව කියූ ජෝඩුවක් තමාගෙන් රුපියල් දෙලක්ෂ පනස් හතර දහසක් වංචා කළැයි තරුණයෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට කියා සිටියේය.
පානදුරේ සංජීව ද සිල්වා මහේස්ත්‍රාත් හමුවේ පැවසුවේ ජාතික පුවත්පතක පළ වූ දැන්වීමක් අනුව පාතිමා සබ්නා පිලිප්ස් හා අංගොඩ සැටැසන් පිලිප්ස් යන දෙදෙනා තමාගෙන් මෙම මුදල් ලබා ගත් බවයි.
ඔවුන් එම ප්‍රදේශයෙන් පළා ගිය බව ද පැමිණිලිකරු කියා සිටියේය.

