රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා විසින් කරන ලද ප්‍රකාශවලට හා ඔහුගේ ක්‍රියාකලාපයන්ට එරෙහිව කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් සංවිධානය කළ උද්ඝෝෂණයක් හා විරෝධතා පාගමනක් අද (28 ) දහවල් පාදෙණිය මංසන්දියේදී පැවැත්විණි.
විරෝධතාකරුවෝ කුරුණෑගල - නිකවැරටිය ප්‍රධාන මාර්ගයද අවහිර කරමින් පැය තුනක් උද්ඝෝෂණය කළහ.
පාදෙණිය මංසන්දියේ වටරවුම හරහා රථවාහන නිකවැරටිය දෙසට හරවා යැවීමට වාරියපොළ පොලිසියට සිදුවිය.





