පාදුක්ක කොල්ලයේ කෝටියක රණ් භාණ්ඩ අල්ලයි


පසුගිය 12 වැනි දා පාදුක්ක නගරයේ උගස් මධ්‍යස්ථානයෙන් පැහැරගත් රන් භාණ්ඩ වලින් කෝටියක රන් භාණ්ඩ සොයාගත්  බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කියයි.

අබාධිත සෙබළුන් දෙදෙනකු සමග සිව් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. ආබාධිත සෙබඵන් දෙදෙනා මුලතිවු අවසන් සටන සහභාගී වුවන් බවත් එක් සැකකරුවකු රන් භාණ්ඩ වෙළෙඳසලේ පියා බවත් පොලිසිය සඳහන් කරයි.

සොයාගත් රන් භාණ්ඩ අතර රන්මාල 120ක්, අත්පළඳනා14, වළලු 18, පෙන්ඩන්ඩ් 162, මුදු 322ක් තිබෙන බවත් එම රන් භාණ්ඩවල  බර කිලෝ දෙකකට ආසන්න බවත් එහි උසස් නිලධාරියෙක් කීය.