පාද යාත්‍රාවෙන් දකුණත් උතුරත් ළං වේ


දිනා ගත් සාමය තහවුරු කිරීමේ අරමුණින් සියලු ආගම් වල සහභාගීත්වයෙන්  දකුණේ සිට උතුර බලා යන සාම පාද යාත්‍රාව කතරගමින් අද (06) උදේ නවයට ඇරැඹිණි.

ටිබෙට් ආධ්‍යාත්මික නායක සාකල්‍ය ගියැල්වන්ග් ඩ්ර්ක්පා  තුමාගේ නායකත්වයෙන් ඇරැඹි ප්‍රාද යාත්‍රාවට ජනාධිපති ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා යෞවන සමාජ සමිමේලනය, තාරුණ්‍යට හෙටක්  සංවිධානය හා ඌව පළාත් සභාව  සහය දක්වයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ  මහතා ද ඌව මහ ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ  මහතා ද පැමිණ සිටියහ.

ඉන්දියාව,නේපාලය, ඉන්දුනීසීයාව, වියට්නාමය ඇතුළු රටවල් රැසක මෙහෙණින් වහන්සේලා  හා මහා සංඝයා වහන්සේලා ද වැඩම කළහ.  ජාතික තරුණ සේවා සභාවේ තරුණ තරුණියෝ 1500 ක්  ආහ.