ජනාධිපති ලේකම් කාර්යාලය, ජාතික තරුණ සේවා සභාව සහ තාරුණ්‍යයට හෙටක් සංවිධානය එක්ව සංවිධානය කරන තරුණ සාම පාද යාත්‍රාව සෙනසුරාදා සවස අකුරණ නගරයට පැමිණි අවස්ථාවේ ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමනක් හිමිවිය.
අකුරණ ජම්මියතුල් උලමාවරුන්ගේ සංගමය ,අකුරණ වෙළද සංගමය,ප්‍රදේශයේ දේශපාලන නායනත්වය සහ ප්‍රදේශයේ ජනතාව එක්ව පාද යාත්‍රව උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර පාද යාත්‍රාවට එක්ව සිටින විදේශීය භික්ෂූන් වහන්සේලාට ගිලන්පස ද පූජාකරනු ලැබීය.
පසුගිය 10 වනදා කතරගමින් ආරම්භ වූ මෙම සාම පාද යාත්‍රාවට යාපනය දක්වා ගමන් කිරීමට නියමිතය.