හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රමුඛත්වයෙන් ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජන සටන පාද යාත්‍රාව මේ වන විට පිළීමතලාව නගරය පසු කරමින් ඉදිරියට ඇදෙයි.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයෝ ද රංගන හා ගායන ශිල්පීන් ද තවත් විශාල පිරිසක් ද පාද යාත්‍රාවට එක්ව සිටිති. පේරාදෙණිය, කිරිබත්කුඹුර, ඇඹිල්මීගම ආදී ප්‍රදේශවලදී පාද යාත්‍රාව පිළිගැනීමට ඒ ඒ ප්‍රදේශවල ප්‍රාදේශීය දේශපාලනඥයන් කටයුතු යොදා තිබුණි.
මග දෙපස රතිඤ්ඤා දල්වමින් ඔවුහු පිළිගැනීමේ වැඩසටහන් සංවිධානය කර තිබිණි. පාද යාත්‍රාව හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා ඇතිවී ඇති අතර මාර්ගයේ දිගු රථවාහන පෝලිම් දක්නට ලැබේ.
මහින්දානන්ද අලුත්ගමගේ, දිනේෂ් ගුණවර්ධන , විමල් විරවංශ, නාමල් රාජපක්ෂ, උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරු ද හිටපු ඇමැති රෝහිත බෝගෝල්ලාම ද පයින් ගමන් කළ අය අතර වෙයි.
මහජනයා උද්යෝගයෙන් පාද යාත්‍රාවේ ගමන් කරතියි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සභාපති රාජා කොල්ලුරේ මහතා පවසයි.
ජායාරුප - සෙනරත් බණ්ඩාර
ඡායාරූප හා වීඩියෝ - කෞශල්‍ය සමින්ද

![vlcsnap-2016-07-28-00h12m02s24[1]_76](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/vlcsnap-2016-07-28-00h12m02s241_76.png)
![vlcsnap-2016-07-28-00h24m27s33[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/vlcsnap-2016-07-28-00h24m27s331.png)
![DSCN1134[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/DSCN11341.png)
![vlcsnap-2016-07-28-00h09m21s206[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/vlcsnap-2016-07-28-00h09m21s2061.png)







