පාද යාත්‍රාව නෙළුම්දෙනියෙන් ඇරැඹෙයි


ඒකාබද්ධ විපක්ෂය මහ නුවර සිට කොළඹට යන පාගමන අද (30) පෙරවරු 9.50ට නෙළුම්දෙනියෙන් ආරම්භ විය.

හිටපු ජනපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ආරම්භක අවස්ථාවට අද පැමිණ නොසිටි අතර මහින්දානන්ද අලුත්ගමගේ, ඩලස් අලහප්පෙරුම, රෝහිත අබේගුණවර්ධන, මහාචාර්ය තිස්ස විතාරණ, ගාමිණී ලොකුගේ, උදය ගම්මන්පිල මහත්වරු ඇතුළු පිරිසක් ආරම්භක අවස්ථාවට එක්වූහ.

අද පාගමනේ නැවතුම නිට්ටඹුව නගරයයි.

පාමන ආරම්භයේදී මාධ්‍යවෙත අදහස් දක්වමින් ඩලස් අලහප්පෙරුම මහතා කීවේ ආණ්ඩුව කෙතරම් බාධා කළත් සටන අත්නොහරින බවයි.

‘අපි මුදල් ගෙවා වෙන් කර ගත් හයිඩ් පිටිය අපට නොදී ඉන්න ලෑස්ති වෙනවා. විවිධ බාධා කිරීම් කරනවා.‘ යැයි ද ඔහු කීවේය.

_MG_2228 _MG_2239 _MG_2246 _MG_2248 _MG_2252 _MG_2255

ඡායාරූප  හා වීඩියෝ - කෞශල්‍ය සමින්ද