පාතාලයට සම්බන්ධ 06ක් අත්අඩංගුවට


 
(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 
                     
පොලිස් වෙඩි පහරින් මියගිය ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වූ හැරල්ඩ්  රොහාන් ද සිල්වා නොහොත් රත්මලාන රොහා නැමැත්තාගේ සමීපතම ගෝලයන්  දෙදෙනෙක්  ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු මහා වස්කඩුව නිවාඩු නිකේතනයක දී ඊයේ  (18)
 
රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව  පොලිස් විශේෂ කාර්ය බලකාය  කියයි .
                                              
සැකකටයුතු පිරිසක් එම නිවාඩු නිකේතනය තුළ රැඳී සිටින බවට ලද තොරතුරක් අනුව වැටලීම සිදු කළ බව  පොලිස් විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ  නිලධාරියකු පැවැසීය .
                     
අත්අඩංගුවට ගත් එම පුද්ගලයන් වැඩිදුර විමර්ශන සඳහා කළුතර-උතුරු පොලිසිය වෙත බාර දී ඇත