පාතාලයට වැඩ වරදී


(අංජුල මහික වීරරත්න)

වගකිව යුතු රජයක් ලෙස සාමාන්‍ය ජන ජීවිතයට හානියක් වන කිසිඳු ක්‍රියාකාරකමකට රජය ඉඩ තබා නොමැති බවත්, රට පුරා පාතාල ක්‍රියාකාරකම් මර්දනයට අවශ්‍ය වැඩපිළිවෙළ ජනාධිපතිවරයාගේ උපදෙස් මත දැනමටමත් ක්‍රියාත්මක කර තිබෙන බවත් මහජන ආරක්ෂක  අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

පොලිස් දෙපාර්තමේන්තුව මේ වන විට දේශපාලනයෙන් තොර ආයතනයක් ලෙස කටයුතු කරන බවත්, රටේ නීතියේ ආධිපත්‍ය උපරිමයෙන් සුරැකීමට පොලිස් දෙපාර්තමේන්තුව කැපවී සිටින බවත් අමාත්‍යවරයා පැවසීය. 

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙම අදහස් පළ කර සිටියේ  'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

පොලිස් දෙපාර්තමේන්තුව  රටේ නීතිය උපරිමයෙන් සුරැකීමට ද කැප වී සිටින අතර ඊට  අවශ්‍ය පහසුකම් සපයාදීමට ද රජය පියවර ගෙන තිබෙන බවද ටිරාන් අලස් මහතා පැවසීය.