පාතාල මැර ක්‍රියා මඬින්න රජයෙන් ප්‍රතිපත්තිමය තීරණයක්


(ආරියරත්න රණබාහු)

දිනෙන් දින ඉහළ යන පාතාල මැර කල්ලිවල ක්‍රියා මැඩ පැවැත්වීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බව ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
පොලිසියට ස්වාධීනව මේ සඳහා ක්‍රියා කිරීමට ඉඩදී ඇතැයි කී ඔහු රජයේ මැති ඇමැතිවරුන් පසුපස පාතාල සාමාජිකයින් සිටීනම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතු යැයි ද කීවේය.
දෙමටගොඩ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අද (1) පැවැත් මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා එසේ කීය.