පාතාල නායකයකු බව කියන මාමා අස්මි එස්.ටී.එෆ් රියදුරකුගේ ගෙල සිරකිරීමට යද්දි රියේ සිටි වෙනත් සෙබළකු ඔහුට වෙඩි තබා ඇති බව පෙනේ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සිරිවර්ධන මහතා කියයි. සැකපිට අත්අඩංගුවට ගත් මාමා අස්මි සන්තකයේ තිබූ ගිනි අවියක් පොලිස් භාරයට ගෙන තවත් ගිනි අවි සෙවීමට ඔහු සමග ජීප් රථයකින් යමින් සිටියදී සැකකරු ජීප්රිය පැදවූ පොලිස් රියදුරුගේ ගෙල සිරකිරීමට උත්සාහගෙන ඇති බවත් එම අවස්ථාවේ රථයේ සිටි වෙනත් අයකු සැකකරුට වෙඩි තබා ඇතැයි ද සිරිවර්ධන මහතා පවසයි. ජීප් රථය මාර්ගයෙන් ඉවතට පැන නතරවී තිබේ. තුවාල ලැබූ රියදුරු රෝහල්ගත කැර ඇත. මහේස්ත්‍රාත්වරයා පැමිණ මූළික පරික්ෂණයක් පවත්වා සිරුර රෝහලට ගෙනයන ලෙස නියෝග කළේය.
සිද්ධිය වූ ස්ථානය