පාඨලී ට එරෙහි නඩුව කැඳවන්න දින දෙයි


(මනෝප්‍රිය ගුණසේකර)

රාජගිරිය ප්‍රදේශයේ 2016 වසරේදී සිදුවූ රිය අනතුරක් සිදු කොට තරුණයකුට බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහි නඩුව නොවැම්බර් මස 23 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා හමුවේ අද (31) නියම කළේය.
මෙම නඩුවට අදාළව අභියාචනාධිකරණයට ඇපෑලක් ගොනු කොට ඇති බවට විත්තිකාර පාඨලී චම්පක රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අමරසිරි පණ්ඩිතරත්න මහතා ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව විිනිසුරුවරයා එලෙස නියම කළේය”
2016 පෙබරවාරී මස 28 ඩබ්ලිව්.පී. කේ.ටී. 7545 ජීප් රථයේ රියදුරුව සිටිමින් අපරික්‍ෂාකාරීව නොසැළකිලිමත් අන්දමින් එම රථය ධාවනය කොට පුද්ගලයකු හප්පා බරපතල තුවාල සිදුකිරීම, තුවාලකරු රෝහලකට රැගෙන නොයෑම, අනතුර පිළිබඳව පොලිසියට වාර්තා නොකිරීම ඇතු`ථ චෝදනා යටතේ පාඨලී චම්පක රණවක මහතාට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා ඉදිරිපත් කොට ඇත.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී පාඨලී චම්පික රණවක මහතා අධිකරණයේ පෙනී සිටියේය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අමරසිරි පණ්ඩිතරත්න මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුවට සමාන නඩුවකට අදාළව තම සේවාදායකයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර අභියාචනයට අනුව මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර ඇතැයිද මෙම නඩුවට අදාලවද තම සේවාදායකයා අභියාචනාධිකරණයට ඇපෑපක් ඉදිරිපත් කර ඇතැයි දැනුම් දුන්නේය”
ඉදිරිපත් වු කරුණු සළකා බැලු විනිසුරුවරයා නඩුව නොවැම්බර් 23 වැනිදා දක්වා කල් තැබීමට නියම කළේය”.
පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනාරාල් මාධව තෙන්නකෝන් මහතා පෙනී සිටියේය.
විත්තිකරු වෙනුවෙන් නීතීඥ අමරසිරි පණ්ඩිතරත්න මහ