පාකිස්තානු පිලට ලකුණු 21 ක ජයක්
ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (11 වැනිදා) මීර්පුර් නුවරදී පැවැති එක්දින තරගයේදී ලකුණු 21 ක ජයක් ලබාගැනීමට පාකිස්තානු පිල සමත් විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානු පිල 33 වැනි ඕවරයේදී කඩුලූ දෙකක් පමණක් දැවී ලකුණු 160 ක් ලබා සිටි නමුත් පාකිස්තානු ඉනිම ලකුණු 262 කට සීමා කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ.
තරගය ජයගැනීම සඳහා බංග්ලාදේශ පිලට අවසන් ඕවර 5 දී (පන්දු 30 කදී) ලකුණු 33 ක් අවශ්‍ය වූ නමුත් බංග්ලාදේශ පිලේ අවසන් කඩුලූ දෙක ලකුණු 11 කදී බිඳ වැටිණ.
පාකිස්තානය ඕවර 50 කදී කඩුලූ 8 ක් දැවී 262 (මොහොමඞ් හෆීස් 89, නසීර් ජස්මේඞ් 54, යුනිස් ඛාන් 12, උමාර් අක්මල් 21, සෆ්රාස් අහ්මඞ් උමාර් ගුල් 39, සකිබ් අල් හසන් 41/2, සදාත් හොසේන් 53/3)
බංග්ලාදේශය ඕවර 48.1 කදී සියලූ දෙනා දැවී 241 (ටමීම් ඉක්බාල් 64, නසිමුදීන් 30, ජහුරුල් ඉස්ලාම් 23, සකිබ් අල් හසන් 64, නසීර් හොසේන් 47, උමාර් ගුල් 58/3, මොහොමඞ් හෆීස් 40/2, සහීඞ් අෆ්රීඩි 49/2)

