
(ටී.කේ.ජී.කපිල )
පකිස්තානු රජය විසින් පරිත්‍යාග කළ ආපදා ආධාර රැගත් පළමු ගුවන් යානය අද රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
මෙම ගුවන් යානයෙන් සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සදහා විශේඥ පුහුණුව ලද භටයන් 47 දෙනකු සහ ඉව කිරීම් මගින් පුද්ගලයන් සොයා ගැනීම පිළිබද පුහුණුව ලත් සුනඛයන් 04 දෙනකු ද රැගෙන විත් තිබුණි .
මීට අමතරව පවුල් කූඩාරම් , බ්ලැන්කට් , ඇද ඇතිරිළි , ජීවිතාරක්ෂක කබා , පිම්බෙන බෝට්ටු , ජලය ඉවත් කරන පොම්ප , ලාම්පු , පැදුරු , මදුරු දැල් , ළදරු කිරිපිටි , වියළි ආහාර සහ ඖෂධ තොගයක් ද එම ගුවන් යානය විසින් රැගෙන විත් තිබුණි .
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ පකිස්තානු මහකොමසාරිස් මේජර් ජනරාල් ෆහීම් අල් අසීස් මහතා ඇතුළු එම කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනක රුවන් කොඩිතුවක්කු මහතා ඇතුළු ශ්‍රී ලාංකික නියෝජිත පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

