මේ දිනවල ශ්‍රී ලංකාවේ පවතින නියඟය හේතුවෙන් පීඩාවට පත්වූවන්ට ආධාර පිණිස පාකිස්තානයෙන් ආධාර රැගත් විශේෂ ගුවන් යානයක් අද (8) පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟාවිය.
පාකිස්තාන ගුවන් හමුදාවට අයත් එම යානයෙන් සුදු සහල් කිලෝ 25,000 ක් එවා ඇති බවත් ඉදිරියේදී තවත් යානයක් පැමිණීමට නියමිත බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. එම මධ්‍යස්ථානයේ නියෝජිත පිරිසක් ආධාර බාරගැනීමට ගුවන්තොටුපළට පැමිණ සිටියහ.
ඡායාරූප - ප්‍රසාද් මුතුකුඩ



