පාකිස්තානය දෙවැනි වරටත් ආසියානු කුසලාන දිනා ගනියි


එකළොස්වැනි ආසියානු කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දෙවැනි වරටත් දිනා ගැනීමට පාකිස්තාන් ක‍්‍රීඩකයෝ සමත්වුහ. මීර්පූර්’හි ශියා බංග්ලා ජාතික ක‍්‍රීඩාංගණයේදී අද (22) පැවැති අවසන් මහා තරගයෙන් සත්කාරක බංග්ලාදේශ පිල පරදවා ලකුණු 2 ක තියුණු ජයක් ලබා ගැනීමට පාකිස්තානය සමත්විය. බංග්ලාදේශ පිලට අවසන්  ඕවරයේදී ලකුණු 9 ක් ලබා ගැනීමට තිබු අතර අවසන්  ඕවරය යැවු අෂීස් චීමා අවසන් පන්දුවට ලකුණු හතරක් ලබා ගැනීම දක්වා බංග්ලාදේශ පිතිකරුවන්ට පීඩනය යොමු කළේය. එහිදී බංග්ලාදේශ පිතිකරුවන්ට ලබාගත හැකි වුයේ ලකුණු දෙකකි. ආරම්භක පිතිකරු තමිම් ඉක්බල් (60) සහ සකීබ් අල් හසන් (68) අර්ධ ශතක ලබමින් මෙම තරගයෙදිත් බංග්ලාදේශ ඉනිම ශක්තිමත් කළහ. සකීබ් තරගාවලියේ වීරයා සම්මානය දිනාගත් අතර සයීඞ් අෆ්රිඞී අවසන් තරගයේ වීරයා විය. පාකිස්තානය 2000 වසරේදී ආසියානු කුසලානය දිනා ගැනීමට සමත්ව තිබේ. පාකිස්තානය  ඕවර 50 කදී කඩුලූ 9 ක් දැවී 236 (මොහොමඞ් හෆීස් 40, උමර් අක්මල් 30, හමාද් අසාම් 30, සහීඞ් අෆ්රිඩි 32, සර්ෆාස් අහ්මඞ් නොදැවී 46, මස්රාෆි මොර්ටාෂා 48/2, අබ්දුර් රසාක් 26/2, සකීබ් අල් හසන් 39/2) බංග්ලාදේශය  ඕවර 50 කදී කඩුලූ 8 ට 234 (තමිම් ඉක්බල් 60, නසීර් හොසේන් 28, නසිමුදීන් 16, සකීබ් අල් හසන් 68, මහමදුල්ලා නොදැවී 17, මස්රෆී මොර්තාසා 18, උමාර් ගුල් 65/2, සයීඞ් අජ්මල් 40/2, අෂිස් චීමා 46/3, සයීඞ් අෆ්රිඞී 28/1)