පාකිස්තාන හිටපු ජනපති ගොවිපළේදිම රිමාන්ඩ්


පාකිස්තානයේ හිටපු ජනාධිපති හා විශ්‍රාමික ජනරාල් පර්වේස් මුෂාරෆ්ගේ ගොවිපොළ පිහිටි නිවස උප සිරි ගෙදරක් බව ප්‍රකාශයට පත් කළ පාකිස්ථාන අධිකරණය ඔහු දෙදිනක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස නියෝග කළේය.

දෙදින ඇතුළතදී ත්‍රස්ත විරෝධී චෝදනා විභාග කරන අධිකරණය හමුවේ නියෝග කළේය.

ස්ලාමාබාද් මහාධිකරණයෙන් ඔහුගේ ඇප අවලංගු කිරීමත් සමග ඔහු සිය ගොවිපළ වෙත පැන ගියේය.

පාකිස්ථාන මහාධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මුෂාරෆ් අත්අඩංගුවට ගෙන නීති ප්‍රකාරව ක්‍රියා කළ යුතු යැයි කියා සිටියේය.