(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට බෙදාහැරීම සඳහා පාකිස්තානයේදී ඇසුරුම් කරන ලද අයිස් මත් ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2500 ක් සහ එම මත්ද්‍රව්‍ය රැගෙන යාත්‍රා කරමින් තිබූ විශාල යාත්‍රාව අත් අඩංගුවට ගැනීමට ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය සහ ඉන්දීය නාවික හමුදාව සමත් වී ඇත.
මෙම යාත්‍රාව ඉන්දීය මුහුදේ කේරල වෙරළ ආසන්නයේදී ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය සහ ඉන්දීය නාවික හමුදාව එක්ව සිදු කළ මෙහෙයුමකදී අත් අඩංගුවට ගෙන තිබේ.අත් අඩංගුවට ගත් මෙම අයිස් මත් ද්‍රව්‍ය වල වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 12000 ක් පමණ වන බව ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය පවසා ඇත. ඉන්දීය ඉතිහාසයේ අත් අඩංගුවට ගත් වැඩිම වටිනාකමකින් යුත් මත් ද්‍රව්‍ය තොගය මෙය බවද පැවැසෙයි.
මෙම මත්ද්‍රව්‍ය කිලෝ 2500 ක ප්‍රමාණය කිලෝ 20 සහ 40 ගෝනි මලු වල අසුරා තිබූ බවත් මෙම යාත්‍රාව මෙම මලු කුඩා යාත්‍රා වලට ලබා දී ඇති බවත් ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ බලධාරීන් පවසා ඇත.මේ සම්බන්ධයෙන් පාකිස්තාන ජාතිකයකු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ශ්‍රී ලංකාවට රැගෙන යන මත් ද්‍රව්‍ය සති කිහිපයකට පසුව නැවත ඉන්දියාවට රැගෙන ඒම සැලැස්ම බව ප්‍රකාශ කර තිබේ.
අයිස් මත් ද්‍රව්‍ය කිලෝ 2500 සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් පාකිස්තාන ජාතික සුබේර් දෙරක්ෂ්ශන්දේ නම් සැකකරු අද(22) සිට දින 5 ක කාලයක් වැඩිදුර විමර්ශන සඳහා තම කාර්යාංශයට භාර දෙන ලෙස ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යංශය පෙරේදා (20) අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.

