පාකිස්තාන අගමැති දළඳා මාලිගයට


පකිස්තාන් අගමැති නවාස් ෂරීෆ් බදාදා (06) මහනුවර සංචාරය කිරීමට නියමිතය.

මහනුවර ශ්‍රී දළඳා මාලිඟාවට හා කෞතුකාගාරයට යන ඔහු පාකිස්තාන ආධාර යටතේ ඉදි කළ ජින්නා මධ්‍යස්ථානයටද පේරාදෙණිය උද්භිත උද්‍යානයේ දී පැලයක් රෝපණය කිරීමට ද නියමිතය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ඔහු වෙනුවෙන් මහනුවර මහවැලි රීච් හොටලයේදී දිවා භෝජන සංග්‍රහයක් පැවැත් වීමට නියමිතය.

බදාදා සවස යළි ඔහු සිය රට බලා පිටත්ව යෑමට නියමිතය.