(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ගයාන් සූරිය ආරච්චි )
ජාතික ජන බලවේගයෙ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොඩ් ෆයිසාල් මහතා ගමන් කරමින් තිබු මෝටර් රථය කොස්වත්ත පොලිස් වසමේ හාල්දඩුවන ප්‍රදේශයෙදි අද(14) මාරක අනතුරකට ලක්විමේන් මාර්ගයෙ ගමන් කරමින් සිටි යතුරු පැදි කරුවෙකු එම ස්ථානයෙදීම මරණයට පත්ව ඇති බව කොස්වත්ත පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු සැසි වාරය සදහා පුත්තලම කනමුල්ල ප්‍රදේශයෙ සිට අද (14) උදෑසන කොළඹ බලා ගමන් කරමින් සිටියදි මන්ත්‍රිවරයා ගමන් කරමින් තිබු මෝටර් රථය කොස්වත්ත හාල්දඩුවන ප්‍රදේශයෙදි මෙම අනතුර සිදුව ඇති බව කියයි.
අනතුරින් මන්ත්‍රිවරයාට හා රියදුරුට කිසිදු හානියක් සිදුව නැති බවද කියයි.
මෙම මෝටර් රථය හොර වංගුව මාර්ගය හරහා තොප්පුව වෙත ගමන් කරමින් ඉන්පසු නැවත කොළඹ පුත්තලම ප්‍රධාන මාර්ගයට අවතිර්ණය විම සදහා ගමන් කරමින් සිටියදි මෙම අනතුර සිදුව ඇති බව කියයි.