දුම්රිය පා පුවරුවේ ගමන් කිරීම තහනම් බවට දුම්රිය ආඥා පනතේ සදහන් නීතිය දෙසැම්බර් මස 01 දා සිට ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා පවසන්නේ දුම්රිය පා පුවරුවේ ගමන් කිරීම තහනම් නිතියක් ඇතත් එය තදින් ක්‍රියාත්මක නොකළ බවයි. නමුත් ලබන පළමුවැනිදා සිට දුර ගමන් සේවා දුම්රිය පා පුවරුවල ගමන් කරන්නන් සදහා නීතිය ක්‍රියාත්මක කිරිමට තීරණය කර ඇති බව ද සමරසිංහ මහතා කීවේය.
පා පුවරුවේ ගමන් කිරීමෙන් සිදුවන අනතුරු වළක්වා ගැනීම සදහා මගීන් වෙනුවෙන් මේ නීතිය ක්‍රියාත්මක කරන බව ද ඔහු පවසයි.

