ප්‍රේමලාල් ජයසේකරත් පාර්ලිමේන්තුවට එයි


(බන්ධුල ඉලේපෙරුම)

මරණ දණ්ඩනය ලැබ ඊට අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයේ සිටින රත්නපුර දිස්ත්‍රික් පොදුජන පෙරමුණු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර  මහතාත් ද   අද( 22)   බන්ධනාගාර  රියකින් පාර්ලිමේන්තුවට රැගෙන ආවේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වැනි සංශෝධන කෙටුම්පතට ඡන්දය විමසන බැවින් ඔහු ද අද මෙලෙස  බන්ධනාගාර නිලධාරීන්  විසින්  පාර්ලිමේන්තුවට කැඳවාගෙන එනු ලැබීය