ප්‍රවීණ රංගන ශිල්පී ප්‍රේමදාස විතානගේ (63) දෙහිවල නැදිමාල පාලම අසල දී හදිසියේ අසනීප වී කළුබෝවිල රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මිය ගිය බව රෝහල් ආරංචි කියයි.
සරා, අන්දර වැට, කෝපි කඩේ වැනි ටෙලි නාට්‍ය ගණනාවක රඟපෑ ප්‍රේමදාස විතානගේ පිළිකා රෝගයෙන්ද පීඩා විඳි අතර රූපවාහිනියේ විකාශය වන සබ්බ සකලමනා නාට්‍යයේ ද ‘අයි ඈම් ශ්‍රී ලංකා‘, ‘සිවම්මා ධනපාල‘, ‘මයි නේම් ඊස් බන්දු‘ යන වේදිකා නාට්‍ය වලද රංගනයට එක්වී සිටියේය.
ඔහුගේ දේහය 17/4 සී ධර්මාරාම පාර කරගම්පිටිය, දෙහිවල නිවසේ තැන්පත් කර ඇති අතර ලබන ඉරිදා ගල්කිස්ස කනත්තේ දී අවසන් කටයුතු සිදුකරන බව පවුලේ ඥාතීහු කියති.





