ප්‍රේමතිලක සමරවීර කළුරිය කරයි


ප්‍රවීණ මාධ්‍යවේදියකු , කවියකු හා ලංකාදීප පත්‍රයේ සම කර්තෘවරයකු වූ ප්‍රේමතිලක සමරවීර මහතා (67) අභවප්‍රාප්ත විය.

මාතර පස්ගොඩ ඉපැදී හක්මන හිටපු මන්ත්‍රීවරයකු වන රෝයි රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයකු ලෙස වෘත්තීය ජීවිතය අරඹා පසුව ලේක්හවුස් ආයතනයේ දිනමිණ මාධ්‍යවේදියකු වූ සමරවීර මහතා 1985දී විජය පුවත්පත් සමාගමේ ලංකාදීප පුවත්පතට එක් විය.

 ප්‍රාදේශීය කර්තෘ, ප්‍රධාන උප කර්තෘ හා සම කර්තෘ වශයෙන් සේවය කළ ඔහු වසර කිහිපයකට පෙර විශ්‍රාම ගියේය.

දේහය බත්තරමුල්ලේ රිචඩ් සිල්වා මාධ්‍ය ගම්මානයේ අංක 06  නිවසේ තැන්පත් කර ඇත.

අවසන් කටයුතු බදාදා පස්වරු 4ට තලාහේන සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.