රත්නපුර කැරෝකේ සමාජ ශාලාවක් වැටලූ හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතාගේ පවුල් පිටින් මරා දමණ ලෙසටත්, මිනී පෙට්ටි ලෑස්ති කර ගන්නා ලෙසටත් ගාල්ලේ දුරකතන කුටියකින් දුන් මරණ තර්ජනයෙන් පසුව ඔහුට විශේෂ පොලිස් ආරක්ෂාවක් සලසා ඇත.
පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතාගේ උපදෙස් පරිදි අද සිටම එම ආරක්ෂාව දී තිබේ.
පොලිස් ආරක්ෂාවට හිමිකම් තිබුණත් ඔහු මෙතෙක් එම ආරක්ෂාව ලබාගෙන තිබුණේ නැත.
දුරකතන කුටියකින් දෙන ඇමතුමක අංකය සටහන් වුවත් ඇමතුම දුන් තැනැත්තා සොයා ගැනීමට ලේසි පහසු නොවන බව කියති.