ප්‍රියංකාට වැඩ ගොඩක් ලැබිලා


priyanka-chopraමෙවර "ෆිල්ම් ෆෙයාර්" සම්මාන උලෙළේදී වසරේ හොඳම සහය නිළියට හිමි සම්මානය දිනාගත් ප්‍රියංකා චොප්රා මේ දිනවල කාර්යබහුලව සිටින පුවතක් බොලිවුඩයෙන් වාර්තා වෙයි.

ඒ ඇය හොලිවුඩ් නිර්මාණ කිහිපයකටම මේ දිනවල සම්බන්ධ වී සිටීමය. පසුගිය සතිඅන්තයේදී ඇමෙරිකාවේ ෆ්ලේරිඩා හි රූපගත කිරීම් ආරම්භ කළ "බේවොච්" අලුත්ම චිත්‍රපටයටද ඇය සම්බන්ධ වී සිටින්නීය.

මෙහි ඇය ජනප්‍රිය රෙස්ලින් ක්‍රීඩකයෙකු හා හොලිවුඩ් සුපිරි නළුවෙකු වන ඩිවොන් ජොන්සන් හෙවත් ද රොක් සමගින් මෙහි ප්‍රධාන චරිත සඳහා එක්ව සිටින්නීය. මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට මේ වනවිට සැලසුම් කර ඇත්තේ ලබන වසරේ මැයි මාසයේ බව සඳහන් වෙයි. මේ දිනවල ප්‍රියංකා ඇමෙරිකාවේ රූපගත කිරීම් කටයුතු සඳහා සම්බන්ධ වෙද්දී, ඇයගේ සමීපතම යෙහෙළිය වන දීපිකා පදුකෝන් "ට්‍රිබල් එක්ස්" චිත්‍රපට කණ්ඩායම සමග කැනඩාවේ ටෙරේන්ටෝ නගරයේ රූපගත කිරීම් සඳහා එක්ව සිටින්නීය.

tharunaya