ප්‍රියංකාගෙන් අමුතු සටහනක්


2016-11-23-ent-89

ඉදිරියේදී තිරගත වීමට නියමිත ‘බේවොච්’ හොලිවුඩ් චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතය පණ පොවන සුරූපී බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා ඇය සමගින් ‘බේවොච්’ චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පොවන ඩිවොන් ජොන්සන් හෙවත් ‘රොක්’ පිළිබඳව සිය ‘ට්විටර්’ ගිණුමේ සටහනක් තබා තිබේ. ඇය ඔහු සමගින් පෙනී සිටින ඡායාරූපයක්ද යොදා මෙම සටහන තබා තිබෙන අතර, එහි සඳහන්ව තිබුණේ ඩිවොන් යනු තමාට සිය කලා ජීවිතයේදී මුණගැසුණ සුන්දරතම හා කඩවසම්ම පුද්ගලයා බවයි. එමෙන්ම මෙම සටහනේ ඇය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, කාන්තාවන් වශී කරගැනීමට තරම් සරාගී පෙනුමක්ද ඔහු සතුව තිබෙන බවයි.

රූපවාහිනි ටෙලි නාට්‍යය මාලාවක් පදනම් කරගෙන නිර්මාණය වු මෙම ‘බේවොච්’ චිත්‍රපටයේ ප්‍රියංකා හා ජොන්සන්ට අමතරව, සෑක් එෆ්රෝන්, ඇලෙක්සැන්ඩ්‍රා ඩඩ්රියෝ, කෙලි රොචර්බිච්, ජෝන් බාස්, යායා අබ්දුල් හා ෆැමිලා ඇන්ඩර්සන් රංගනයෙන් දායකවී තිබේ.