බොලිවුඩයේ රිදී තිරය මෙන්ම හොලිවුඩයේ පුංචි තිරයත් බැබළ වූ ප‍්‍රියංකා චොප්රා නැවතත් පුවත් මවන්නියක බවට පත් වී තිබේ. ඒ පසුගියදා ධවල මන්දිරයෙන් සමුගත්, ඇමෙරිකාවේ හිටපු පළමුවෙනි කාන්තාව මිෂෙල් ඔබාමා සමග ගැහැනු ළමයින්ගේ අධ්‍යාපනය පිළිබඳ ප‍්‍රචාරක වැඩසටහනකට සහයෝගය දෙන්නට තීරණය කරමිනි.
ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයට ඇරයුම් ලැබූ පළමුවෙනි ඉන්දියානු නිළිය ලෙස ඇය ගිය වසරේ වාර්තාවක් තැබුවාය. ප‍්‍රියංකා විසින් යුනිසෙෆ් ආයතනය සමග කරන ලද වැඩසටහන් පිළිබඳව මිෂෙල් ඔබාමා ඇය සමග සාකච්ඡුා කළ බැව් දැන් හෙළි වී තිබේ. ගැහැනු දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ වැඩසටහන ඔවුන් දෙදෙනා එක්ව කරන්නේ කෙසේ ද යන්න පිළිබඳවත් ඔවූහු සාකච්ඡුා කළහ. මිෂෙල් ඔබාමා හමුවීමට ලැබීම පිළිබඳව තමා බොහෝ සෙයින් සතුටු වන බැව් ප‍්‍රියංකා ප‍්‍රකාශ කර තිබිණි.


