නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා පළාත් පාලන හා පළාත් සභා නියෝජ්‍ය ඇමැති ලෙස අද (21) ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
අධිකරණ නියෝජ්‍ය ඇමැති සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා ද අද බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස ජනපති ඉදිරියේ දිවුරුම් දුන් බව ජනපති කාර්යාල ආරංචි කියයි.



