ඕනෑම අවස්ථාවක ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අත්වැල් බැදගන්නා බව ඇමරිකාවේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී අද (2) විදේශ අමාත්‍යාංශයේදි ඇමැති මංගල සමරවීර මහතා සමග පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී පැවසීය.
එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජෝන් කෙරී මහතා පැවසුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා රටට අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට කිසි විටෙක නොපැකිලෙන බවයි. .එය වර්තමාන රජයේ දින සියයේ වැඩපිළිවෙළින් වඩා ඔප්නැංවනෙ බවදඔහු කීවේය .
ඒ අනුව ලංකාව හා ඇමෙරිකාව අතර වාර්ෂිකව ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ගොඩනැගීමටද කටයුතු කරන බවද ජෝන් කෙරී පැවසීය..
මෙම ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී අමාත්‍ය මංගල සමරවීර මහතා අදහස් දක්වමින් කියා සිටියේ ලංකාවේ ඇති වී තිබෙන නව වාතාවරණය තුළ පවතින ආයෝජන අවස්ථා වලින් ඇමෙරිකාව ප්‍රයෝජන ගනු ඇතැයි අපේක්ෂා කරන බවය...
19වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමමෙන් මෙරට නිදහස සුරක්ෂිත කිරීමට හැකියාව ලැබෙන බව කී අමාත්‍ය සමරවීර මහතා කියා සිටියේ වගවීම් සහතික කරමින් ඇති කෙරෙන මෙරට දේශීය පරීක්ෂණයක් සදහා ඇමෙරිකාවටද සහතික විය හැකි බවය..






